Terms

sarigama.lk වෙබ් අඩවිය සිංහල ගීත රසවින්දනය සඳහා සයිබර් අවකාශයේ ඔබට ලබැඳි ම තැන බව අප විශ්වාසයයි. මෙම වෙබ් අඩවිය ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ ඕනෑම කාළ පරිච්ඡේදයක , ඕනෑම ක්ෂානරයක ගීත ඇතුළත්ව එකම තැනකින් පහසුවෙන් ගීත රසවින්දනය කළ හැකි මනා ගීත එකතුවක් ලෙස පවත්වාගෙන යාම තුළින් සිංහල ගීත ක්ෂේත්‍රයේ යහ පැවැත්මට දායක වීම අප උත්සාහය හා ප්‍රධාන අරමුණ වන අතර , මෙය වාණිජ අරමුණු ප්‍රධාන කර ගනිමින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් නොවේ. අප වෙබ් අඩවිය තුළින් සිංහල ගීත සංරක්ෂණයක් ද සිදුවන බව අප විශ්වාසයයි.

sarigama.lk වෙබ් අඩවිය තුළ ඇති ගීත නිර්මාණ ලොවට දායාද කළ සියළුම නිර්මාණකරුවන්ට අප ගෞරවය පුද කරමු. මෙහි ඇති සියළු ගීත වල අයිතිය එම නිර්මාණ කරුවන් හෝ අදාළ පාර්ශවයන් සතු වේ.මෙහි ගීත පළකිරීම සම්බන්ධයෙන් කිසියම් හෝ නොකැමැත්තක් හෝ ගැටළුවක් ඇත්නම් 077-2210414 අංකයෙන් හෝ sarigama.lk @gmail.com මගින් අපව ඇමතීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු.එවිට එම මොහොතේම අදාළ ගීත sarigama.lk වෙතින් ඉවත් කිරීමට කටයුතු කරන්නෙමු. මෙහි ඇති කිසිදු ගීතයක අයිතිය sarigama.lk සතු නොවන අතර මෙම ගීත ඉදිරිපත් කරන්නේ ග්‍රාහක පෞද්ගලික රසාස්වාදය සඳහා පමණි. එනිසා අනවසර පිටපත් කිරීම් , විකාශය කිරීම් , ප්‍රති නිෂ්පාදනයන් , විකෘති කිරීම් නොකරන ලෙස දන්වා සිටිමු.